යුනිලීවර් සමාගමේ වෙබ් අඩවිවල භාවිතා කරන කුකීස් සාමාන්‍යයෙන් පහත පරිදි වර්ගීකරණය කළ හැකිය. එනම්:
අත්‍යවශ්‍ය කුකීස් : මෙම කුකීස් ඔබව තනි පුද්ගලයෙකු ලෙස හඳුනා නොගනීයි.
කාර්ය සාධන කුකීස් :මෙම කුකීස් ඔබව තනි පුද්ගලයෙකු ලෙස හඳුනා නොගනීයි.
ක්‍රියාකාරීත්ව කුකීස් : මෙම කුකීස් විසින් එකතු කරන තොරතුරුවලට ඔබ විසින් හෙළි කළ පෞද්ගලික දත්ත ඇතුළත් විය හැකිය.
ඉලක්කගත හෝ ප්‍රචාරණ කුකීස් : මෙම කුකීස් වර්ග බොහොමයක් විසින් පාරිභෝගිකයින්ගේ උපාංග හැඳුනුම (Device ID) හෝ IP ලිපිනය හරහා ඔවුන් ලුහුබැදීම සිදුකරයි. එබැවින් ඒවා විසින් පෞද්ගලික දත්ත එකතු කිරීම සිදුකළ හැකිය.
තෙවන පාර්ශ්වීය කුකීස් : අදාළ තෙවන පාර්ශ්වය විසින් භාවිතා කරන කුකීස් වර්ගය මත පදනම්ව, මෙම කුකීස් එකතු කරන තොරතුරුවලට පෞද්ගලික දත්ත ඇතුළත් විය හැකිය.
යුනිලීවර් සමාගමේ වෙබ් අඩවිවල භාවිතා කරන කුකීස් සාමාන්‍යයෙන් පහත පරිදි වර්ගීකරණය කළ හැකිය. එනම්:
අත්‍යවශ්‍ය කුකීස් : යුනිලීවර් වෙබ් අඩවි නිවැරදිව ක්‍රියාත්මක වීමට මෙම කුකීස් අත්‍යවශ්‍ය වන අතර, ඒවා අපගේ වෙබ් අඩවි වටා ගමන් කිරීමට සහ අපගේ විශේෂාංග භාවිතා කිරීමට ඔබ වෙත හැකියාව ලබා දෙයි. මෙම කුකීස් නොමැතිව, සාප්පු කූඩ වැනි සේවාවන් සැපයිය නොහැකිය. උදාහරණ ලෙස එකම සැසියක දී පිටුවකට ආපසු යාමේ දී පෙර ක්‍රියා මතක තබාගැනීම [උදා: ඇතුළත් කළ පෙළ (text)] මීට ඇතුළත් වේ.
මෙම කුකීස් පෞද්ගලික දත්ත රැස් කරනවා ද?/මාව හඳුනා ගන්නවා ද? මෙම කුකීස් ඔබව තනි පුද්ගලයෙකු ලෙස හඳුනා නොගනීයි. ඔබ විසින් මෙම කුකීස් පිළිනොගන්නේ නම්, එය වෙබ් අඩවියේ හෝ එහි කොටස්වල ක්‍රියාකාරිත්වයට බලපෑ හැකිය.
කාර්ය සාධන කුකීස් : ඔබ විසින් අපගේ වෙබ් අඩවි භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු මෙම කුකීස් මඟින් එකතු කරනු ලැබේ. උදාහරණයක් ලෙස ඔබ බොහෝ විට ගමන් කරන පිටු, අපගේ වෙබ් අඩවිවල ගතකරන කාලය සහ දෝෂ පණිවිඩ වැනි ගැටළු ආදිය තොරතුරු මෙම කුකීස් මඟින් එකතු කරනු ලැබේ. ඔබ, අනුබද්ධ ආයතනයකින් අපගේ වෙබ් අඩවියකට පැමිණියේ නම් ඒ පිළිබඳව සහ ඔබගේ පිවිසීමේ ප්‍රතිඵලයක් ලෙස අප වෙතින් නිෂ්පාදනයක් හෝ සේවාවක් භාවිතා කිරීමට හෝ මිලදී ගැනීමට හේතු වූයේ නම් නිෂ්පාදනයේ හෝ සේවාවේ විස්තර ඇතුළුව ඒ පිළිබඳව මිලදී ගත් අනුබද්ධිතයින්ට දැනුම් දීමට ද මෙම කුකීස් භාවිතා කරනු ලැබේ. මෙය, අපගේ වෙබ් අඩවිවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට අපට ඉවහල් වේ.
මෙම කුකීස් පෞද්ගලික දත්ත රැස් කරනවා ද?/මාව හඳුනා ගන්නවා ද? මෙම කුකීස් ඔබව තනි පුද්ගලයෙකු ලෙස හඳුනා නොගනීයි. මෙම කුකීස් විසින් එකතු කරන සියළුම තොරතුරු රාශිගත කරන අතර, එබැවින් හඳුනාගත හැකි ලක්ෂණ රහිත වේ. එය, හුදෙක් වෙබ් අඩවියක් ක්‍රියා කරන ආකාරය වැඩිදියුණු කිරීමට පමණක් භාවිතා කරනු ලැබේ.
ක්‍රියාකාරීත්ව කුකීස්: මෙම කුකීස්, වඩාත් පුද්ගලාරෝපිත මාර්ගගත අත්දැකීමක් ලබාදීම පිණිස, ඔබ යොමුවන තෝරාගැනීම් (ඔබගේ පරිශීලක නාමය, භාෂාව හෝ ඔබ සිටින කලාපය වැනි,) මතක තබාගැනීමට අපගේ වෙබ් අඩවිවලට ඉඩ සලසයි. පෙළ (text) ප්‍රමාණය, මුද්‍රණ අකුරු වර්ගය සහ ඔබට අභිරුචිකරණය කළ හැකි වෙබ් පිටුවල අනෙකුත් කොටස්ව යනාදියට ඔබ විසින් කරන වෙනස්කම් මතක තබාගැනීමට ද මෙම කුකීස් භාවිතා කළ හැකිය. ඒ හා සමානවම, පුනරාවර්තනය වළක්වා ගැනීම සඳහා නරඹා ඇති විශේෂාංගගත නිෂ්පාදන හෝ වීඩියෝ මොනවාද යන්න ලුහුබැදයාමට සහ බ්ලොග් (blogs), සංවාද අවකාශ (chatrooms) සහ සංසද (forums) වැනි සමාජ මෙවලම් සමඟ ක්‍රීඩා කිරීමට සහ සම්බන්ධ වීමට ඔබට හැකියාව ලබාදීම පිණිස ඒවා භාවිතා කළ හැකිය.
මෙම කුකීස් පෞද්ගලික දත්ත රැස් කරනවා ද/මාව හඳුනා ගන්නවා ද? මෙම කුකීස් එකතු කරන තොරතුරුවලට ඔබ හෙළිදරව් කර ඇති පෞද්ගලික දත්ත ඇතුළත් විය හැකිය. ඔබ විසින් මෙම කුකීස් පිළි නොගන්නේ නම්, එය වෙබ් අඩවියේ කාර්ය සාධනයට සහ ක්‍රියාකාරීත්වයට බලපෑ හැකි අතර, වෙබ් අඩවියේ අන්තර්ගතයට ප්‍රවේශය සීමා කළ හැකිය.
ඉලක්කගත හෝ ප්‍රචාරණ/වෙළඳ දැන්වීම් කුකීස් : මෙම කුකීස් ඔබට සහ ඔබේ රුචිකත්වයන්ට වඩාත් අදාළ අන්තර්ගතයන් ලබාදීමට භාවිතා කරයි. ඒවා, ඉලක්කගත වෙළඳ දැන්වීම් ලබාදීමට හෝ ඔබ වෙළඳ දැන්වීමක් දකින වාර ගණන සීමා කිරීමට මෙන්ම යුනිලීවර් සමාගමේ සහ යුනිලීවර් සමාගමේ නොවන වෙබ් අඩවිවල වෙළඳ දැන්වීම් ව්‍යාපාරවල ඵලදායීතාවය මැනීමට ද සහාය වේ. ඔබ අපගේ වෙබ් අඩවියකට පිවිස ඇති බවත්, මෙම තොරතුරු වෙළඳ දැන්වීම්කරුවන් සහ අපගේ නියෝජිත ආයතන ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමඟ හුවමාරු කරගන්නා බවත්, ඒවා විසින් මතක තබාගනු ලැබේ. මෙම කුකීස් තෙවන පාර්ශ්වයන් විසින් සපයනු ලබන අඩවි ක්‍රියාකාරිත්වයට ද සම්බන්ධ කළ හැකිය.
මෙම කුකීස් පෞද්ගලික දත්ත රැස් කරනවා ද?/මාව හඳුනා ගන්නවා ද? මෙම කුකීස් වර්ග බොහොමයක් විසින් පාරිභෝගිකයින්ගේ උපාංග හැඳුනුම (Device ID) හෝ IP ලිපිනය හරහා ඔවුන් ලුහුබැදීම සිදුකරනු ලැබේ. එබැවින්, ඒවා විසින් පෞද්ගලික දත්ත එකතු කිරීම සිදුකළ හැකිය.
තෙවන පාර්ශ්වීය කුකීස් : ගළපා සකස් කළ යුනිලීවර් වෙළඳ දැන්වීම්, හවුල්කරුවන්ගේ අධිකාර වසම් තුළ ඔවුන්ට ලබාදීමට ඉඩ දීම පිණිස, ඔබ විසින් අපගේ වෙබ් අඩවිවලට පිවිසෙන විට, අප වෙනුවෙන් ඔබගේ උපාංගයේ කුකීස් සැකසිය හැකි එවැනි හවුල්කරුවන් ගණනාවක් අප විසින් භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස ෆේස්බුක් (Facebook) සහ ගූගල් ඩබල් ක්ලික් (Google DoubleClick) දැක්විය හැකිය.
මෙම කුකීස් භාවිතා කිරීමට පෙර හඳුනා ගැනීමට අප විසින් උත්සාහ කරනු ලැබේ. එවිට, ඔබ විසින් මෙම කුකීස් පිළිගැනීමට අපේක්ෂා කරනවා ද නැද්ද යන්න ඔබට තීරණය කළ හැකිය. අපගේ වෙබ් අඩවිවල ඩිජිටල් අත්දැකීම් සහ ක්රියාකාරීත්වයන් සැපයීම සඳහා අප විසින් හවුල්කරුවන් ගණනාවක් ද භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස, යුනිලීවර් සමාගමේ වෙබ් අඩවි පිරික්සීමේ දී, ඔබ විසින් අපගේ කුකීස් සඳහා ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනු ලැබුව ද, අපගේ වෙබ් අඩවිවල සිය ඇතැම් විශේෂාංග සපයන තෙවන පාර්ශ්වයන්ගෙන් (උදා: යූ ටියුබ් වීඩියෝවක්) ඔබ වෙත කුකීස් ලබාදිය හැකිය. මෙය සිදුවන්නේ ඔබ විසින් ඔවුන්ගේ කුකීස් භාවිතය සඳහා ඔබේ කැමැත්ත සෘජුවම ලබා දී ඇති බැවිනි. එවැනි අවස්ථාවල දී, ඔබ අදාළ තෙවන පාර්ශ්වීය වෙබ් අඩවියේ ඔබේ කැමැත්ත සෘජුවම ඉල්ලා අස්කර ගත යුතුය.
මෙම කුකීස් පෞද්ගලික දත්ත රැස් කරනවා ද?/මාව හඳුනාගන්නවා ද? අදාළ තෙවන පාර්ශ්වය විසින් භාවිතා කරන කුකීස් වර්ගය මත පදනම්ව, මෙම කුකීස් රැස් කරන තොරතුරුවලට පෞද්ගලික දත්ත ඇතුළත් විය හැකිය.