පෞද්ගලිකත්වය පිළිබඳ මූලික පාරිභාෂික පද
යුනිලීවර් සමාගමේ පෞද්ගලිකත්වය පිළිබඳ නිවේදන සහ කාර්ය පටිපාටිවල පවතින පාරිභාෂික පද ලැයිස්තුව පහත දැක්වේ.
පාරිභාෂික පද විවරණය
මූලික පාරිභාෂික පද |
නිර්වචනය
|
හඳුනාගැනීමේ ලක්ෂණ ඉවත් කිරීම (Anonymisation) |
දත්ත මඟින් විස්තර කරන තැනැත්තන් අඥාතව/ නිර්නාමිකව පැවතීම සඳහා, පෞද්ගලික දත්තවලින් යම් කවරම වූ පෞද්ගලික හඳුනාගැනීමේ ලක්ෂණ ස්ථිර ලෙස ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. එකතු කරන සහ හුවමාරු කරන දත්තවල අඛණ්ඩතාව පවත්වා ගනිමින්, තැනැත්තන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙය සිදුකරනු ලැබේ. |
ස්වයංක්‍රීය දත්ත සැකසීම |
අතින් සිදුකරන දත්ත සැකසීමට ඇතුළත් නොවන දත්ත සැකසීම වේ. |
චර්යා ප්‍රචාරණය |
පරිශීලකයින්ගේ මාර්ගගත ක්‍රියාකාරකම් ලුහුබැඳ ගොස්, ඉන්පසුව ලුහුබැඳීම කරන ලද ක්‍රියාකාරකම් මත පදනම්ව ප්‍රචාරණ හෝ නිර්දේශ ලබාදීමේ ක්‍රියාව වේ. |
ජෛව මිතික දත්ත |
මුහුණෙහි ප්‍රතිරූපය හෝ ඩැක්ටිලොස්කොපික් (dectyloscopic) දත්ත හෝ ඇසේ කළු ඉංගිරියාවට අදාළ දත්ත ඇතුළත් වන යම් ස්වාභාවික පුද්ගලයෙකුගේ අනන්‍ය හඳුනා ගැනීමකට ඉඩලබාදෙන හෝ තහවුරු කරන එම ස්වාභාවික තැනැත්තාගේ භෞතික, කායික විද්‍යාමය හෝ චර්යාමය ලක්ෂණවලට අදාළ නිශ්චිත තාක්ෂණික සැකසීම්වලින් ජනනය වූ පෞද්ගලික දත්ත වේ. |
ළමයා |
වයස වයස අවුරුදු දහඅටට (18) අඩු ස්වාභාවික තැනැත්තෙක් වේ. |
කැමැත්ත |
සිය පෞද්ගලික දත්ත සැකසීම සඳහා ලිඛිත ප්‍රකාශයක් ආකාරයෙන් හෝ අනුමත කරන ක්‍රියාවක් ආකාරයෙන් දත්ත දායකයකුගේ එකඟතාව පළකරන යම් නිර්බාධිතව ලබාදුන්, නිශ්චිතව දන්වන ලද සහ පැහැදිලි දැක්වීමක් වේ. |
කුකීස් (cookies) |
පරිශීලක යන්ත්‍රයක ගබඩා කර ඇති කුඩා පෙළ ගොනුවක් (text file) අදහස් වන අතර, එය, පසු අවස්ථාවක වෙබ් සර්වර් (web server) උපාංගයක් මඟින් යන්ත්‍රය වෙතින් නැවත ලබාගැනීම කළ හැකිය. කුකීස් (cookies) මඟින් අවසාන පරිශීලකයාගේ සෙවුම් ක්‍රියාකාරකම් (browser activities) ලුහුබැඳ යාමට වෙබ් සර්වර් (web server) උපාංගයට ඉඩ සලසන අතර, තනි තනි වෙබ් ඉල්ලීම් සැසියකට සම්බන්ධ කිරීම සිදුකරයි. |
පාලකවරයා
|
තනිවම හෝ අන් අය සමඟ ඒකාබද්ධව පෞද්ගලික දත්ත සැකසීමේ අරමුණු සහ ක්‍රම නිශ්චය කරනු ලබන යම් ස්වාභාවික හෝ නෛතික තැනැත්තෙකු, පොදු අධිකාරියක්, රාජ්‍ය නොවන සංවිධානයක්, නියෝජිත ආයතනයක් හෝ වෙනත් යම් මණ්ඩලයක් හෝ අස්ථිත්වයක් වේ. |
දත්ත සැකසීම
|
පෞද්ගලික දත්ත එකතු කිරීම, ගබඩා කිරීම, සුරක්ෂිත කිරීම, වෙනස් කිරීම, නැවත ලබාගැනීම, හෙළි කිරීම, සම්ප්‍රේෂණය කිරීම, ලබාගැනීමට සැලැස්වීම, මැකීම, විනාශ කිරීම, විමසීම, පෙළ ගැස්වීම, සංයුක්ත කිරීම හෝ ඒවා පිළිබඳව තාර්කිකව හෝ අංක ගණිතමය මෙහෙයුම් සිදුකිරීම ඇතුළුව වන නමුත් ඒවාටම පමණක් සීමා නොවන, පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් කරනු ලබන යම් මෙහෙයුමක් වේ. |
දත්ත ආරක්ෂණ අධිකාරිය |
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ පිහිටුවන ලද, නම් කරන ලද, නියාමන ආයතනය අදහස් වේ. |
දත්ත ආරක්ෂණ නිලධාරියා |
යන්නෙන් පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් වගකීම් සහ කාර්යයන් ඉටුකිරීම සඳහා යුනිලීවර් සමාගම විසින් දේශීයව පත්කරන ලද තැනැත්තා අදහස් වේ. |
දත්ත දායකයා |
පෞද්ගලික දත්ත අදාළ වන, ජීවත් වන හෝ මියගිය, හඳුනාගත් හෝ හඳුනාගත හැකි ස්වාභාවික තැනැත්තෙකු අදහස් වේ. |
සෘජු අලෙවිකරණය |
නිෂ්පාදනයක් හෝ සේවාවක් හෝ සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අදහස් කරන අලෙවිකරණ ද්‍රව්‍ය පාරිභෝගිකයින්ට සපයන සමාගම් විසින් සිදුකරන වෙළඳ දැන්වීම් ආකාරයක් වේ. |
දත්ත කේතනය
|
සරල අන්තර්ගතයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක දත්ත කියවිය හැකි ආකෘතියක සිට කේතනය කළ අනුවාදයකට පරිවර්තනය කරන ක්‍රමය අදහස් වන අතර, ඒවා, වෙනත් ආයතනයකට විකේතන යතුරකට (decryption key) ප්‍රවේශය තිබේ නම්, ඔවුනට පමණක් විකේතනය කළ හැකිය. |
මූල්‍ය දත්ත |
යම් දත්ත දායකයෙකු විසින් විවෘත කරන ලද ගිණුමක් හඳුනාගත හැකි යම් අක්ෂරාංක හඳුන්වනයක් හෝ වෙනත් පෞද්ගලික දත්ත හෝ දත්ත දායකයෙකු වෙත යම් මූල්‍ය ආයතනයක් විසික් නිකුත් කරන ලද කාඩ්පතක් හෝ ගෙවීම් උපකරණයක් හෝ මූල්‍ය ආයතනයක් සහ දත්ත දායකයෙකු අතර අතර ඇති සම්බන්ධතාවකට අදාළ යම් පෞද්ගලික දත්ත, දත්ත දායකයෙකුට අදාළ මූල්‍ය තත්ත්වය සහ ණය ඉතිහාසය අදහස් වන අතර, පාරිශ්රමිකවලට අදාළ දත්ත ද ඊට ඇතුළත් වේ. |
ජානමය දත්ත |
යම් ස්වාභාවික තැනැත්තෙකුගේ ජෛව සාම්පලයක් හෝ සිරුරේ යම් තරලයක විශ්ලේෂණයක ප්‍රතිඵල වශයෙන් ලබාගන්නා එම ස්වාභාවික තැනැත්තාගේ කායික විද්‍යාත්මක හෝ සෞඛ්‍යය පිළිබඳ අනන්‍ය වූ තොරතුරු ලබාදෙන්නා වූ එකී තැනැත්තාගේ ජානමය ලක්ෂණවලට අදාළ දත්ත අදහස් වේ. |
සෞඛ්‍ය දත්ත
|
සිය සෞඛ්‍ය තත්ත්වය හෝ ස්වභාවය පෙන්නුම් කරන යම් තොරතුරක් ඇතුළුව ස්වාභාවික තැනැත්තෙකුගේ කායික හෝ මානසික සෞඛ්‍යයට අදාළ පෞද්ගලික දත්ත අදහස් වේ. |
හඳුනාගත හැකි ස්වාභාවික තැනැත්තා |
විෂේශයෙන් යම් පෞද්ගලික දත්තවලට අදාළළු සෘජුවම හෝ අන්‍යාකාරයකින් හඳුනාගත හැකි තැනැත්තෙකු අදහස් වේ. |
අයිපී ලිපිනය (IP address) |
අන්තර්ජාලයේ හෝ දේශීය ජාලයක උපාංගයක් හඳුනා ගන්නා සහ අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා සම්බන්ධ වී ඇති අනෙකුත් පද්ධති මඟින් පද්ධතියක් හඳුනා ගැනීමට ඉඩ සලසන අද්විතීය ලිපිනයක් අදහස් වේ. |
පෞද්ගලික දත්ත |
යම් තනි පුද්ගලයෙකුගේ හෝ ස්වාභාවික තැනැත්තෙකුගේ (අ) යම් නාමයක්, හඳුනාගැනීමේ අංකයක්, ස්ථානීය දත්තයක් හෝ යම් මාර්ගගත හඳුන්වනයක් වැනි යම් හඳුන්වනයක් හෝ (ආ) |
පෞද්ගලික දත්ත කඩකිරීම |
සම්ප්‍රේෂණය කරන ලද, ගබඩා කරන ලද හෝ අන්‍යාකාරයකින් සකසන ලද පෞද්ගලික දත්ත අහම්බෙන් හෝ නීති විරෝධී ලෙස විනාශ කිරීම, නැතිවීම, වෙනස් කිරීම, අනවසරයෙන් අනාවරණය කිරීම හෝ අනවසරයෙන් එම දත්තවලට ප්‍රවේශ වීම, සිදුකෙරෙන යම් ක්‍රියාවක්, කිරීමක් හෝ නොකර හැරීමක්aa අදහස් වේ. |
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) |
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අදහස් වේ. |
දත්ත සකසන්නා
|
පාලකයා වෙනුවෙන් පෞද්ගලික දත්ත සැකසීම සිදුකරන යම් ස්වාභාවික හෝ නීත්‍යානුකූල තැනැත්තෙකු, රාජ්‍ය ආයතනයක් හෝ ලිඛිත නීතියක් මඟින් හෝ ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද වෙනත් ආයතනයක් අදහස් වේ. |
පුද්ගල පැතිකඩ දැක්වීම |
දත්ත දායකයාගේ රැකියාවේ කාර්ය සාධනය, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය, පෞද්ගලික මනාපයන්, සම්බන්ධතාවන්, විශ්වසනීයත්වය, හැසිරීම, ගතිපැවතුම්, සිටින ස්ථානය හෝ චලනයන් සැලකිල්ලට ගෙන ඇගයීම, විශ්ලේෂණය කිරීම හෝ අනාවැකි පළකිරීම සඳහා සිදුකරන පෞද්ගලික සැකසීම අදහස් වේ. |
ව්‍යාජ නාමකරණය
|
යම් දත්ත දායකයෙකු හඳුනා ගැනීම සඳහා, අතිරේක තොරතුරු භාවිතයෙන් තොරව, යම් පෞද්ගලික දත්තයන් භාවිතා කළ නොහැකි වන සහ එම අතිරේක තොරතුරු වෙන්ව තබා සහ එම පෞද්ගලික දත්ත යම් දත්ත දායකයෙකු වෙත ආරෝපණය නොවන බවට තහවුරු කිරීම සඳහා තාක්ෂණික සහ සංවිධානාත්මක පියවරවලට යටත් වන යම් ආකාරයකින් එම පෞද්ගලික දත්ත සැකසීම අදහස් වේ. |
ප්‍රතිග්‍රාහකයා |
පෞද්ගලික දත්ත අනාවරණය වන්නා වූ ස්වාභාවික හෝ නෛතික තැනැත්තෙකු, පොදු අධිකාරයක් හෝ යම් සංස්ථාපිත හෝ සංස්ථාපිත නොකළ මණ්ඩලයක් අදහස් වේ. |
පෞද්ගලික දත්තවල විශේෂ ප්‍රභේද
|
වාර්ගික හෝ ජනවාර්ගික සම්භවය, දේශපාලනික මත, ආගමික හෝ දාර්ශනික විශ්වාස හෙළි කරන පෞද්ගලික දත්ත, යම් ස්වාභාවික තැනැත්තෙකු අනන්‍ය ලෙස හඳුනා ගැනීමේ කාර්යය සඳහා සකස් කරන ජානමය, ජෛවමිතික දත්ත, සෞඛ්‍යය සම්බන්ධ දත්ත හෝ යම් ස්වාභාවික තැනැත්තෙකුගේ ලිංගික ජීවිතය හෝ ලිංගික හැඩගැස්ම සම්බන්ධ දත්ත, වැරදි, අපරාධ නඩු කටයුතු සහ වරදකරු කරනු ලැබීම් සම්බන්ධ පෞද්ගලික දත්ත සහ ළමයෙකුට අදාළ පෞද්ගලික දත්ත අදහස් වේ. |
අධීක්ෂණ අධිකාරිය
|
පෞද්ගලික දත්තවලට අදාළ කරුණු නියාමනය කිරීම මූලික අරමුණ සහ කාර්යය කරගත්, ස්වාධීන අධිකාරියක් හා සම්බන්ධ ස්වාධීන අධිකාරියක් හෝ අංශයක් අදහස් වේ. |
තෙවන පාර්ශ්වය |
පෞද්ගලික දත්ත සැකසීම සඳහා බලය ලබාදෙනු ලැබූ දත්ත දායකයා, පාලකවරයා, දත්ත සකසන්නා සහ පාලකවරයාගේ හෝ දත්ත සකසන්නාගේ සෘජු අධිකාරි බලය යටතේ වන තැනැත්තන් නොවන ස්වාභාවික හෝ නෛතික තැනැත්තෙකු, රාජ්‍ය ආයතනයක්, නියෝජිත මණ්ඩලයක් හෝ ආයතනයක් අදහස් වේ. |
ලුහුබැඳීමේ තාක්ෂණයන් |
පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට සහ ඔවුන් අන්තර්ජාල මාර්ගගත සේවා සහ ඊමේල් භාවිතා කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණයන්, එනම් පරිශීලකයෙකු පිවිසෙන වෙබ් අඩවිය, වෙබ් අඩවියක කොපමණ කාලයක් ගත කරන්නේ ද, පරිශීලකයාගේ ස්ථානය කුමක් ද, උපාංගයේ IP ලිපිනය කුමක් ද හෝ විද්‍යුත් තැපෑලක් විවෘත කර තිබේ ද සහ කුමන අන්තර්ගතයන් සම්බන්ධ බොත්තම තද කළේ ද යනාදිය. ලුහුබැඳීමේ තාක්ෂණයන්හි උදාහරණ අතර කුකීස් (cookies), ටැග්ස් (tags), වෙබ් බීකන්ස් (web beacons) සහ එම්බෙඩඩ් ස්ක්‍රිප්ට් (embedded scripts) ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ. |