අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත යම් නිශ්චිත සහ සීමිත අරමුණු සඳහා පමණක් එකතු කිරීම, සැකසීම සහ හෙළිදරව් කිරීම සිදුකරනු ලැබේ. උදාහරණයක් ලෙස ඔබේ ගෙවීම් සැකසීමට, යම් පැමිණිල්ලක් ඇගයීමට සහ හැසිරවීමට, අපගේ නිෂ්පාදන, සේවා, සන්නිවේදන ක්‍රම සහ අපගේ වෙබ් අඩවිවල ක්‍රියාකාරිත්වය සංවර්ධනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට, පුද්ගලාරෝපිත නිෂ්පාදන, සන්නිවේදනයන් සහ ඉලක්කගත වෙළඳ දැන්වීම් සහ නිෂ්පාදන නිර්දේශ ඔබ වෙත ලබාදීමට යනාදිය දැක්විය හැකිය.
ඛාණ්ඩ ගොඩනැගීම (සමහරක් පොදු ලක්ෂණ ඇති කණ්ඩායම් නිර්මාණය කිරීමෙන්) සහ ඔබගේ පෞද්ගලික දත්ත එකක් හෝ ඊට වැඩි ගණනක ඛාණ්ඩවල තැබීමෙන්, ඔබගේ මාර්ගගත සැරිසැරීම, සෝදිසිය සහ මිලදී ගැනීම් හැසිරීම සහ අපගේ වෙළඳ සන්නාම සන්නිවේදනයන් සම්බන්ධව ඔබගේ අන්තර් ක්‍රියා පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අප විසින් පුද්ගල පැතිකඩ දැක්වීම ද සිදුකරනු ලැබේ.
ඊට අමතරව, යුනිලීවර් සමාගම විසින් ඔබේ පෞද්ගලික දත්ත, ස්වයංක්‍රීය ක්‍රම භාවිතා කරමින් ද සකසයි. ස්වයංක්‍රීය තීරණයක් යනු ඔබේ පෞද්ගලික දත්තවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට කිසිදු මානව මැදිහත්වීමක් නොමැතිව, ස්වයංක්‍රීය ක්‍රම මඟින් පමණක් ගනු ලබන තීරණයකි.
අප විසින් පහත සඳහන් කාර්යයන්/අරමුණු සඳහා ඔබගේ පෞද්ගලික දත්ත එකතු කිරීම, සැකසීම, සහ හෙළිදරව් කිරීම සිදුකරනු ලැබේ. එනම්:
ඔබ විසින් අපගේ නිෂ්පාදන මිලදී ගන්නේ නම්, ඔබගේ ගෙවීම් සැකසුම්ට, ඔබගේ ඇණවුම් තත්ත්වය ඔබට සැපයීමට, ඔබගේ විමසීම් සහ ඉල්ලීම් සමඟ කටයුතු කිරීමට සහ ඕනෑම පැමිණිලි ඇගයීමට සහ හැසිරවීමට;
ඔබගේ විමසීම් සැකසීම සහ ඊට පිළිතුරු දීමට හෝ ඔබගේ ප්‍රශ්න සහ/හෝ ඉල්ලීම්වලට පිළිතුරු දීමට ඔබව සම්බන්ධ කර ගැනීමට;
අපගේ නිෂ්පාදන, සේවා, සන්නිවේදන ක්‍රම සහ අපගේ වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය සංවර්ධනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට;
ඔබ ඇතුළත් වී ඇති තරග හෝ ප්‍රවර්ධන අරමුණු සඳහා;
ඔබට තොරතුරු සන්නිවේදනය කිරීමට සහ අපගේ පුවත් ලිපියට හෝ වෙනත් සන්නිවේදනයන්ට ඔබගේ ලියාපදිංචිය සහ/හෝ දායකත්වය කළමනාකරණය කිරීමට;
අපගේ තරග, දිනුම් ඇදීම් හෝ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හෝ ඉල්ලීම් සඳහා ඔබගේ සහභාගීත්වය සම්බන්ධයෙන් අපගේ එදිනෙදා ව්‍යාපාරික අවශ්‍යතා කළමනාකරණය කිරීමට;
දුරකථනයෙන්, විද්‍යුත් මාධ්‍යයෙන් හෝ අන්‍යාකාරයකින් අප හා සම්බන්ධ වන පුද්ගලයින්ගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීමට;
අභ්‍යන්තර පුහුණුව සහ තත්ත්ව සහතික කිරීමේ අරමුණු සඳහා;
පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන්, අවශ්‍යතා සහ වෙනස් වන වුවමනාවන් තේරුම් ගැනීමට සහ තක්සේරු කිරීමට, අපගේ වෙබ් අඩවිය, අපගේ වත්මන් නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමට සහ/හෝ නව නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට; සහ
ඔබ වෙත පුද්ගලාරෝපිත නිෂ්පාදන, සන්නිවේදනයන් සහ ඉලක්කගත වෙළඳ දැන්වීම් මෙන්ම නිෂ්පාදන නිර්දේශ සැපයීම;
ඉහත සඳහන් කළ කාර්යය/අරමුණු සඳහා හෝ වෙනත් කාර්යය/අරමුණු සඳහා අප විසින් ඔබ වෙතින් ඔබගේ පෞද්ගලික දත්ත එකතු කරන විට, එවැනි එකතු කිරීමකට පෙර හෝ එම අවස්ථාවේ දී අප විසින් ඔබ වෙත දන්වනු ලැබේ.
පෞද්ගලික දත්ත සැකසීමට, අප විසින් සුදුසු අවස්ථාවල දී, ඔබගේ කැමැත්ත ඉල්ලා සිටිනු ලැබේ. දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් සඳහා ඔබ විසින් කැමැත්ත ලබා දී ඇති විටෙක, ඕනෑම වේලාවක ඔබගේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට ඔබට අයිතියක් ඇත.
ඔබගේ පෞද්ගලික දත්ත සැකසීම සඳහා (අපගේ හෝ තෙවන පාර්ශ්වයක) නීත්‍යානුකූල අපේක්ෂාව මත අප විසින් සමහර අවස්ථාවල දී, විශ්වාසය තබනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔබ විසින් අපගේ වෙළඳ සන්නාමවලින් එකක් සමඟ විශ්වාස (ලෝයල්ටි) යෝජනා ක්‍රමයක් සඳහා ඇතුළත් වන විට සහ අපගේ නිෂ්පාදන හෝ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා දත්ත විශ්ලේෂණ සිදුකිරීම පිණිස එකතු කරන ලද පෞද්ගලික දත්ත අප විසින් භාවිතා කරන විට, නීත්‍යානුකූල අපේක්ෂාව පැවතිය හැකිය. නීත්‍යානුකූල අපේක්ෂාවක් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වන විට පමණක් මෙම පදනම භාවිතා කරනු ඇත. උදාහරණයක් ලෙස සේවාවක් ප්රශස්ත කිරීම සඳහා වන අතර, එය, පුද්ගලයෙකු ලෙස ඔබගේ අයිතිවාසිකම් ඉක්මවා නොයයි. නීත්‍යානුකූල අපේක්ෂාව, ඔබගේ පෞද්ගලික දත්ත සැකසීම සඳහා පදනමක් ලෙස භාවිතා කරන්නේ නම්, අප විසින් මේ පිළිබඳ වාර්තාවක් තබා ගන්නා බවත්, මෙම තොරතුරු ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇති බවත් අප විසින් සහතික විය හැකිය.
ඔබ පාර්ශ්වකරුවෙකු වන ගිවිසුමක් ඉටුකිරීමට හෝ ඔබ සමඟ ගිවිසුමකට එළඹීමට පෙර ඔබගේ ඉල්ලීම පරිදි පියවර ගැනීමට අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත සකස් කරනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔබ විසින් මිලදී ගත් නිෂ්පාදනයක් හෝ සේවාවක් භාරදීම සඳහා ඔබගේ පෞද්ගලික දත්ත සැකසුම්ට අපට අවශ්‍ය වේ.
එවැනි දත්ත සැකසීමක් ශ්‍රී ලංකා නීතියට අනුව සිදුකිරීමට අප වෙත නීත්‍යානුකූල බැඳීමක් (උදා: බදු හෝ සමාජ ආරක්ෂණ බැඳීම්) ඇති විටෙක දී, අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත සකස් කරනු ලැබේ. උදාහරණයක් ලෙස යම් විශේෂිත කාර්යයක්/අරමුණක් සඳහා පෞද්ගලික දත්ත සැකසීමට අධිකරණ නියෝගයක් හෝ සිතාසියක් මඟින් අප වෙත නියම කිරීම සිදුකළ හැකිය. නැතහොත් දේශීය මුදල් විශුද්ධිකරණය රීති යටතේ සැකසහිත ගනුදෙනු වාර්තා කිරීම සඳහා පෞද්ගලික දත්ත සකස් කිරීමට අප වෙත බල කළ හැකිය.
සමහර අවස්ථාවල දී, ඔබගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක් වන හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා අපට ඔබගේ පෞද්ගලික දත්ත සැකසීමට සිදු විය හැකිය.
මහජන යහපත සඳහා සිදුකරනු ලබන කාර්යයක් ඉටුකිරීම පිණිස අවශ්‍ය වන විටෙක දී ද අප විසින් ඔබගේ පෞද්ගලික දත්ත ද සකස් කරනු ලැබේ.